රාජාංගනය ජලාශය වාන් දොරටුු හයක් මේ වන විට විවෘත කර තිබේ.
ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනයේ ජලාශය වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.
ඉන් වාන් දොරටුු 4ක් අඩි 4 බැගින් සහ වාන් 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.
එහි තප්පරයට ගණ අඩි 50,176ක ජලධාරිතාවයක් කලාඔයට මුදාැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.
එමෙන්ම කන්තලේ ජලාශයේ ද මේ වන විට තවමත් වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් වාන්දොරටු දහයෙන් 4ක්, අඩි එක බැගින් තවදුරටත් විවෘත කිරීමට තීරණය කර ඇති බවය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments