Hot Posts

6/recent/ticker-posts

සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්


බදුල්ල - සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත.

මේ නිසා අවදානමට ලක්ව ඇති දෙමහල් ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය තහනම් ප්‍රදේශයක් බවට පත්කර සිසුන් සඳහා වෙනත් ගොඩනැඟිලිවල පන්ති පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මෙම ස්ථානයට අමතරව ක්‍රීඩාංගණයට අයත් කොටසකද පස්කණ්ඩි කඩා වැටෙමින් පවතී.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කළ පරීක්ෂාවේදී නිර්දේශ කර ඇත්තේ, මෙම කණ්ඩිය විධිමත් ලෙස බැම්මක් ඉදිකර ස්ථායි කරන තෙක් ඉටි රෙදිවලින් ආවරණය කර තබන ලෙසය.

ඒ අනුව කටයුතු කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝහරී ෆොන්සේකා මහත්මියගෙන් අප කළ විමසුමකදී ඇය සඳහන් කළාය.

මෙම ආරක්ෂක බැම්ම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති බවද වාර්තා වේ.

ඉක්මනින් මෙම කටයුතු සිදුකර සිසුන්ගේ අධ්‍යාපනයට පහසුකම් සලසන්නැයි දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments