කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් වසම්වලදී විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (10) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පිරිමි ළමයෙකි.
අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මේ අතර රස්නායකපුර පොලිස් වසමේ තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.
වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මරණකරු විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙසේ විදුලි සැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයේන රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments