රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් තරුණයෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 42ක අයෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මොහුගේ වංචා පිළිබඳව රත්මලාන, ගල්කිස්ස, මහරගම, තිස්සමහාරාම ආදී දිවයිනේ පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පැමිණිලි ලැබී ඇත.
සැකකරු විවිධ ව්‍යාපාරික ස්ථානවලට ගොස් එහි මුදල් අයකැමිවරුන් ඉතා සූක්ෂම අන්දමින් රවටමින් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොට්ටාව පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments