2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසයි.
මේ අතර මහනුවර මගී ප්‍රවාහන බස් රථ 3ක් අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී එම රියදුරන් තිදෙනා හා කොන්දොස්තරවරුන් දෙදෙනෙකුද අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කොට තිබූ බවද ඔහු අනාවරණය කළේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විස මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම"ට එක්වෙමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මෙසේද කීය,
"මේක ඉතාමත් භයානක උවදුරක්. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. අපේ වැටලීම් වාර්තා අනුව මහනුවර කොට්ඨාසයේ හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක විතර ප්‍රමාණයක් 2025දී වැඩි වෙලා. 2025දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 23ක් දක්වා 5 ගුණයකින් භාවිතය වැඩි වෙලා."
"මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු සේවකයෝ විශාල පිරිසක් මේවා භාවිතයට ඇබ්බැහි වෙලා. අපි අහඹු ලෙස පරීක්ෂා කළ බස් රථ තුනේම රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණා. මෙහි භයානකකම කියනවා නම් අපිට හිතාගන්නවත් බැරි ඉහළ තැන්වල ඉන්න කාන්තාවෝ ප්‍රබල ආකාරයෙන් මේ සඳහා යොමු වෙලා ඉන්නවා. පාසල් දරුවොත් ඉන්නවා... කනගාටුවෙන් වුවත් කිව යුතුයි."
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්වෙලා. මේ මත් උවදුර තුරන් කිරීමේ මෙහෙයුම පොලිසියට විතරක් තනියම කරන්න බෑ. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍යයි."
"මේ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන්නේ විදේශ රටවල සිට. නුවර අක්කා, මාතලේ අක්කා, කුඩු සයිමා වගේ අය තමයි මහනුවරට මත්ද්‍රව්‍ය එවන ප්‍රධානියෝ."
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments