Hot Posts

6/recent/ticker-posts

බඹර ප්‍රහාරයකින් තේ දළු නෙලූ කාන්තාවක් ජීවිතක්ෂයට


තේ දළු නෙළමින් සිටි කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බව නානුඔය පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය කිරිමැටිය වතුයායේ පදිංචිව සිටි (78) හැවිරිදි දෙදරු මවක්.

කම්කරුවන් පිරිසක් තේ දළු නෙළමින් සිටියදී රූස්ස ගසක බැඳ තිබූ බඹර කූඩුවක වදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දී තිබෙනවා.

එහිදී ඇවිස්සුණු බඹරුන් අසල තේ වත්තේ වැඩ කරමින් සිටි කම්කරුවන්ට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

බඹර ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ වැඩ කරමින් සිටි අනෙකුත් කාන්තාවන් දිව ගොස් බේරි තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබෙන බවද පොලිසිය සඳහන් කළා.


Post a Comment

0 Comments