චන්ද්‍රයාගේ එම අඳුරු ප්‍රදේශ ආශ්‍රිත පරිණාමයේ ඉතිහාසය පිළිබඳ ඉඟි සැපයීමට ද මෙම පර්‍යේෂණ හරහා මුල්වරට හැකියාව ලැබී ඇති බව එහිදී දැනුම් දී ඇත.
චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව හෙළිව තිබේ.
Chang'e-6 මෙහෙයුම මගින් සඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කරන ලද සාම්පල යොදා ගනිමින් චීන විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණ මාලාවක් මේ සඳහා මූලික වී ඇත.
එහිදී, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳු ක්‍රියාකාරකම්, චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ද අනාවරණ වන බව හෙළිව ඇති බවට වාර්තා වේ.
ලොව ප්‍රකට Nature ජාත්‍යන්තර විද්‍යා සඟරාවෙහි ද මෙම අනාවරණ සම්බන්ධයෙන් පළ කර තිබේ.
විසියෝව සදහා පහතින්,


0 Comments