මහියංගණය මාපාකඩ වැව නෙළුම් වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ඊයේ (10) බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට මහියංගණයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට ලක්ව ඇත.
අදාළ පුද්ගලයා සමග පැමිණි පිරිස ඔහුව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණද රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මෙසේ මියගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විඩියෝව පහතින් නරඹන්න,


0 Comments