Hot Posts

6/recent/ticker-posts

කල්පිටිය උණුසුම් කළ සිද්ධියට නාවික හමුදාවෙන් ප්‍රතිචාර

කල්පිටිය, දළුව ග්‍රාමයේ ප්‍රදේශවාසීන්  අද (10) විරෝධතාවක නිරත වුණා.

ඒ නාවික හමුදාවේ බව කියන කියන පුද්ගලයින් දෙදෙනෙකු ගම්වැසියෙකුට පහර දීමට එරෙහිව සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට නාවික හමුදාව සහ පොලිසිය සහය දක්වන බවට චෝදනා කරමිනි.

උද්ඝෝෂණය අතරතුර, නාවික හමුදාවේ කියන බවට සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එය වීඩියෝගත කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

එහිදී එම ස්ථානයට පැමිණි නොරොච්චෝලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ අදාළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය.

කෙසේ වෙතත් අද දෙරණ මේ පිළිබඳ කළ විමසීමකදී නාවික හමුදාව ප්‍රකාශ කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

Post a Comment

0 Comments