Hot Posts

6/recent/ticker-posts

අස්වැසුම දෙවැනි අදියරට අදාළව අභියාචනා භාර ගැනීම දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම කාල සීමාව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය පියවර ගෙන ඇත.

මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අද (22) දිනය යන විට අභියාචනා 39,707ක් ලැබී ඇති අතර විරෝධතා 3,183ක් ද ලැබී තිබේ.
 



Post a Comment

0 Comments