Hot Posts

6/recent/ticker-posts

කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත් කිරීමට යාමෙන් උණුසුම් තත්ත්වයක්



මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට උත්සාහ කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙම ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔවුන් විසින් කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසියද පැමිණ තිබුණි.

කෙසේ වෙතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පටවාගනු ලැබූ භාණ්ඩ නැවත වෙළෙදුන් හට ලබාදීමට කටයුතු කර ඇත.


විඩියෝව නරඹන්න, පහතින්,





Post a Comment

0 Comments