Hot Posts

6/recent/ticker-posts

විනාඩි 50යි, පීරියඩ් 7යි.! ලබන වසරේ සිට සිදුවෙන අධ්‍යාපනයේ වෙනස මෙන්න...



වසරේ සිට සිදුවෙන්න යන අධ්‍යාපනයේ වෙනස ගැන ඇහෙන කතාව...

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසන්නේ 2018 සිට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් මේ වෙනස කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අධ්‍යනය කර විෂය නිර්දේශ නවීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසනවා.

ඒ අනුව 2026 ජනවාරි පළමුවැනිදා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය ලංකාවේ සියළු පාසල් වල 1ශ්‍රේණියේ සිට 6 වන ශ්‍රේණි වලින් ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු සදහන් කරනවා.

නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමත් සමගම 2026 සිට පාසලක කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් බවට පත් වන අතර, දැන් තිබෙන කාලච්ඡේද අට 7ක් බවට පත් වන බවයි ලේකම්වරයා පවසන්නේ.

එමෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුණත් කාලපරිච්ඡේද වල පැය ගණන සහ පරිච්ඡේද ගණන සියලු සිසුන්ට සමාන බවයි ඔහු පවසන්නේ.

වාර්තාව බාගත කර ගන්න -


Post a Comment

0 Comments