Hot Posts

6/recent/ticker-posts

රිය අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට



දිවයිනේ ස්ථාන දෙකක සිදුවූ මාර්ග රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

ඊයේ (15) දින රාත්‍රී කාලයේ කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී කැකිරාව සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් පෙරළීගොස් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තුවාල ලබා ඇති අතර රියදුරු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී නොච්චියාගම  දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා පදිකයා තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේදී වයස අවුරුදු 71ක් වූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පදිකයා මියගොස් ඇත.


අනතුරේ විඩීයෝව නරඹන්න - 



Post a Comment

0 Comments