මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම දිවයිනේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් ඕනෑම ආකාරයකට රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම ඇතුළු සියලු සේවා ලබා ගත හැකියි.
ඒ අනුව, වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් කාර්යාල (Online සහ Offline ) මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු සියලුම සේවාවන් හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරනු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, පද්ධති බිඳ වැටීම සිදු වූ දිනවල සේවා ලබා ගැනීමට නොහැකි වූ ජනතාවගේ පහසුව සඳහා මීට පෙර දැනුම් දුන් පරිදි පහත සඳහන් විශේෂ විධිවිධාන එලෙසම ක්‍රියාත්මක වේ.
01. ලිඛිත පරීක්ෂණ (Written Exams) පැවැත්වීම:
පද්ධති දෝෂය සහ කාලගුණය හේතුවෙන් අවලංගු වූ විභාග, පහත සඳහන් නව දිනවලදී පැවැත් වේ.
2025.11.27 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.08 වන දින පැවැත්වේ. 2025.11.28 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.09 වන දින පැවැත් වේ.
(මෙම විභාගයන්, ඔබගේ වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ (Booking Document) සඳහන් වේලාවන් හිදීම පැවැත් වේ.)
02. මගහැරුණු වේලාවන් (Appointments) සඳහා:
පද්ධති බිඳ වැටීම සිදු වූ 2025.11.27 හා 28 සහ 2025.12.01 හා 02 යන දිනවල වේලාවන් වෙන්කරවා ගෙන සිටි සේවාලාභීන්ට, ඉදිරි සති 02 ක කාලය තුළ රජයේ වැඩකරන ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
පසුගිය දින කිහිපය තුළ සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කර සිටින බවත් ඉදිරියේදී බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments