තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මධ්‍ය තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එහි බර කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 201 බවය.
විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, ඔරුගොඩවත්ත රේගු අංගනයේ පරීක්ෂා කිරීම් සඳහා යොදා තිබු බහාලුමක තිබී නීතිවිරෝධී ලෙස ආනයන කළ කහ තොගයක් සොයා ගැනීමට හැකි වූ බවඳ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.
රේගු නිවාරණ අංශයේ, මෙහෙයුම් ශාඛාව විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී සම්පූර්ණයෙන්ම කන්ටේනරය තුළ කහ පමණක් තිබූ බවද පැවසූ පුංචිහේවා මහතා කියා සිටියේ, කහ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments