Hot Posts

6/recent/ticker-posts

මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන


මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කර තිබු ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙසේ අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකය.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ මහත්මිය පැවසුවේ බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවය.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments