කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිටින සමූහ ජායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය හි වේගයෙන් සංසරණය වෙමින් පවතී.
සඳහන් වන ආකාරයට එම ජායාරූපය 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ගනු ලැබූවකි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ සමයේ ව්‍රායි කැලී බල්තසාර් සහාය දී තිබෙන්නේ සිය සහෝදරයා දේශපාලන සබඳතා පැවැත්වූ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙතයි.
පසුකාලීනව ඇය ජාතික ජනබලවේගය පක්ෂය සමඟ එකතුව ඇති අතර ඒ නිසාම 2018 වසරේ ව්‍රායි කැලී බල්තසාර් පොදුජන පෙරමුණ ට සහාය දෙන සමයේද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවන් වෙහෙසවී දේශපාලනය කරණු ලැබූවන් පසුපෙළට ඇද දමා ඉතාම පහසුවෙන් කොළඹ මහ නගරසභාවේ නගරාධිපති වීමට හැකියාව ලබාගෙන තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සංවිධානය කර තිබූ පක්ෂ සංවත්සරය අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානයක පවසා සිටියේද වෙනත් පක්ෂයක සිටියා නම් පාපිස්සට නොගන්නා පිරිස් තම පක්ෂය යටතේ ඉහල ධූර වලට පැමිණීමට අවස්ථාව ලබාගෙන ඇති බවයි.
එසේම පසුගිය සතියේ පැවති දේශපාලන සංවාද වැඩසටහනකදී නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ද පවසා සිටියේ ව්‍රායි කැලී බල්තසාර් ට අත්දැකීම් අඩු නමුත් නියෝජ්‍ය නගරාධිපති ට අත්දැකීම් ඇති බවයි. කෙසේවෙතත් අත්දැකීම් ඇති කෙනෙකු සිටියදී අත්දැකීම් නොමැති අයෙකු කොළඹ මහ නගරසභාව වැනි තීරණාත්මක තැනක නගරාධිපති ධූරය සඳහා පත්කළ හේතුව එහිදී සඳහන් කෙරුණේ නැත.

0 Comments