Hot Posts

6/recent/ticker-posts

ඒ සිහිනය සැබෑවක් වේවිද..? පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගන්න හැටි මෙන්න..

තරුණ තරුණියන් අතර බොහෝ දෙනෙක් කැමතියි, රැකියාවක් ලෙස ගුරු වෘත්තියේ නියැලෙන්න..

ඒත් රජ්‍ය සේවයට ගුරුවරයෙක් ලෙස එක්වෙන්න ඔබට අවස්ථාවක් තියේවිද...? මේ අන්න ඒ ගැන අද ඇසුණු කතාවක්.. 

කොළඹ පිහිටි ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් තමන්ට තොරතුරු වාර්තා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව, මෙම අර්බුදය සම්බන්ධයෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා අසා සිටියේ ගුරු හිඟය ගැන තොරතුරු වාර්තා වී ඇතිද යන්නයි.


එහිදී මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළා,


''ජාතික පාසල්වලත් අපි හිතුවා මේ ටීචර්ස්ලගේ අර්බුදයක් නැතුව ඇතියි කියලා. දැන් මට විස්තර වගයක් ලැබුණා. විශේෂයෙන්ම ඉසිපතන විද්‍යාලයේ ගුරුවරු පනස් දෙකක් අඩුයි. ඒ කියන්නේ සීයට විසි පහකට, තිහකට වැඩිය ගුරුවරු නෑ.


ඉතින් මං හිතන්නේ දැන් ඇත්තටම කොළඹ අනිත් පාසල්වල ගත්තම ඔබතුමා බලන්න මහ ඇමතිවරයෙක් විදිහට හිටපු නිසා අපි සාමාන්‍යයෙන් තුලනයක් කරනවා. සමහර කොළඹ ජාතික පාසල්වල විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ වගේ පාසල්වල විශාල හිඟයක් තියෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍යය ගත්තොත් ඉසිපතන විද්‍යාලයේ මැත්ස්වලටවත් ගුරුවරයෙක් නෑ. ඉතින් මේක විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.''


මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මෙසේ සඳහන් කළා,


''මේ ගුරු හිඟය සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. විශේෂයෙන් එකක් තමයි ප්‍රධාන ගුරු හිඟය ඊට අමතරව ගුරුවරුන් විසිර යාමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඔබතුමා සඳහන් කරන කාරණාවේ අපිට නිවැරදි දත්තත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවාට නගරබද කියලා. නගරබද පාසල්වලත් ගුරු හිඟය විෂයානුබද්ධව තියෙනවා. එතකොට අපි පිළිතුරු කීපයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. එකක් තමයි මින් පසුව බඳවා ගැනීම් සිද්ධ කරද්දී විෂයානුබද්ධ බඳවා ගැනීම් තමයි සිද්ධ කරන්නේ.


විශේෂයෙන් ඉදිරියේදී කරන උපාධිධාරී බඳවා ගැනීම් සහ විද්‍යා පීඨ බඳවා ගැනීම්වල බඳවා ගැනීම් කරද්දී. ඊළඟට ගුරු තුලනය සම්බන්ධයෙන් අපි ගුරු මාරු ප්‍රතිපත්තිය ඇතුළත මෙවර අපි මේ දත්ත පද්ධතියේ ගැටලුවක් තියෙනවා. එතකොට විසිරයාම සම්බන්ධයෙන් අපිට හරියටම අදහසක් ගන්න අමාරු වෙන්නේ මේ දත්ත පද්ධතියත් එක්ක. අලුත් දත්ත පද්ධතියක් යාවත්කාලීන කිරීමක්. එතකොට අපිට පුළුවන් ගුරුවරයා කොතනද ඉන්නේ? කවද්ද යන්නේ කියන එක ගැන අදහසක් ගන්න.


දැන් මේ කාරණාව තියෙන්නේ. එකක් විසිර යාම. ජාතික පාසල්වලින් පළාත් පාසල් වලට, ජාතික පාසල්වලත් අපිට හරියටම දත්ත පද්ධතිය යාවත්කාලීන වෙලා නැහැ. එතකොට දත්ත පද්ධතිය සහ අපි ගුරුවරු බඳවා ගැනීමේදී, නිසියානුකූල, විද්යානුකූල ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ විෂයානු බද්ධ සහ පුරප්පාඩු පිරවීම සඳහා. ඔන්න ඔය ක්‍රම දෙකම මගින් තමයි අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ.''

Read more..




Post a Comment

0 Comments