අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබලදීමේ චෝදනාවට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන දිලින ප්‍රමෝද්‍ය හපුආරච්චි හෙවත් 'පොල්ගස්ඕවිට ඩිලා' නමැති සැකකරුගෙන් ඝාතනය පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා පන්නිපිටිය සහ පිංහේන ප්‍රදේශයේ ලැගුම්හල් දෙකක නවාතැන් ගෙන ඇති බවත්, ඔවුන්ට ගිනිඅවි රැගෙන ගොස් ඇත්තේද පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා බවයි අනාවරණ වී ඇත්තේ.

ඔහුට 'මල්වානේ ටුටූ' නමැති සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධවී ඇත්තේ මීට වසරකට පෙර බවත්, එතැන් සිට වට්ස්ඇප් ඔස්සේ 'ඩිලා' සහ 'ටුටූ' යන දෙදෙනා සබඳතා ගොඩනගා ගෙන තිබෙනවා.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දොලේකනත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොල්ගස්ඕවිට ඩිලා නමැත්තාට මල්වානේ ටුටූ නමැති සංවිධානාත්මක අපරාධකරු ප්‍රථමවරට දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබුනා.
පොල්ගස්ඕවිට ඩිලා නැමැත්තා වෙඩික්කරුවන් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් විමර්ශන නිලදාරීන් හමුවේ අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් පන්නිපිටිය හා පිංහේන ප්‍රදේශයේ ලැගුම් හල් දෙකක ඝාතනයට පෙර දින රැඳී සිට ඇති බවයි ඩිලා නමැත්තා සිය පාපොච්චාරණයෙන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ඝාතනයට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා මල්වානේ ටුටූ විසින් ඩිලා නමැත්තාට රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබුණත් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන්ගේ බැංකු ගිණුම්වලට බැරකර ඇති මුදල කොපමණද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.

එමෙන්ම, ඝාතනයට පෙර දින එනම් පසුගිය 12 වැනිදා වෙඩික්කරුවන්ට ටී - 56 ගිනිඅවිය සහ පිස්තෝල වර්ගයේ ගිනි අවිය පරීක්ෂා කිරීම සඳහා රැගෙන ගොස් ලබාදී ඇත්තේද පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා විසින් බව අනාවරණ වී තිබෙනවා.
මේ අතර, නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා ස්ථාන සහ ඊට අදාළ තොරතුරු වෙඩික්කරුවන් වෙත ලබාදීම සඳහා නීතිඥවරයාගේ මෝටර් රථයේ අංකයද මල්වානේ ටුටූ විසින් ඩිලා නමැත්තාට ලබාදී තිබෙනවා.
ඝාතනය සිදුවූ දින ගිනිඅවි ප්‍රවාහනය කළ සහ මෙම අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ දැනට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනාද පොල්ගස්ඕවිට ඩිලා නමැත්තාට සම්බන්ධ කර දී ඇත්තේ මල්වානේ ටුටූ නමැත්තා විසින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොල්ගස්ඕවිට ඩිලා නැමැත්තාගේ රැඳවුම් නියෝග හෙටින් අවසන් වීමට නියමිත අතර සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments