Hot Posts

6/recent/ticker-posts

ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි


වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ කිහිපයකදී විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාර්යංශයට ලැබුණ තොරතුරු අනුව සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති බව සඳහන් වේ.

ජාඇල, කදාන ප්‍රදේශයේ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචාකර තිබු බවට කාර්යංශය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණි.

ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම මෙම ජාවාරමට සහය වූ තවත් කාන්තාවක් ද කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මීගමුව ප්‍රදේශයේ ද සමාජ මාධ්‍ය ඔස්සේ යුරෝපා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත ලද පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ වැටලීමකදී ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ස්ථානයේ තිබූ රැකියා ගිවිසුම් හා විදේශ ගමන් බලපත්‍රයක් ද නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණු බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments